ආදායම් සහතිකයක් ලබා ගැනීමට

  • පදංචි ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී හමුවී ආදායම් සහතිකයක් ලබා ගැනීම සඳහා
    • සම්පුර්ණ නම
    • ලිපිනය
    • පවත්නා මාසයට පෙර මාස තුනක මාසික ආදායම.
    • ආදායම් මාර්ගය
    • ආදායම් සහතිකය අවශ්‍ය කාරණය ඇතුලත් ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කරන්න.
    • මාසික ආදායම රු.15000/-ට වැඩි නම් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න.
    • ව්‍යාපාරයක් නම් ව්‍යපාර නාම ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කරන්න.
  • එවිට ග්‍රාම නිලධාරි විසින් ඊට අදාල ආකෘතිය සම්පුර්ණකර,නිර්දේශයද සමග ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරිම සඳහා ඔබ වෙත භාර දෙනු ලබයි. .
  • ඔබ විසින් එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතන අංශයට භාරදීමෙන් පසු,
  • එම මුදල ගෙවා කුවිතාන්සිය ඉදිරිපත් කිරීමෙන් පසු ඔබ වෙත ආදායම් සහතිකය නිකුත් කරනු ඇත.

වැදගත්

  1. ආදායම් සහතිකයක් නිකුත් කිරීමේදි මාසික ආදායම රු.3000/-ට වැඩිනම් ඒ අනුව වාර්ෂික ආදායම ගණනය කර ඊට 1.27%ක කොමිස් මුදලක් රජයට අයකර වාර්ෂික ආදායම් වාර්තාවක් නිකුත් කරනු ඇත.
  2. මාසික ආදායම රු 3000/-ක් හෝ ඊට අඩුනම් පමණක් මාසික ආදායම් වාර්තාවක් නිකුත් කරන අතර ඒ සඳහා ද 1.27%ක කොමිස් මුදලක් රජයට අයකරනු ඇත.

අයදුම් පත් බාගත කර ගැනීමට click කරන්න

පැමිණිලි පිටපතක් ලබා ගැනීමට

ඔබ විසින් ඔබ පදිංචි ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී වෙත කරන ලද පැමිණිල්ලක පිටපතක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේනම් ඒ සඳහා.

  • ඔබගේ ඉල්ලීම ලිඛිතව ග්‍රාම නිලධාරී මඟින් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කරන්න.
  • එවිට ඔබගේ ඉල්ලීමට අදාල ග්‍රාම නිලධාරී වෙතින් පැමිණිල්ලේ පිටපතක් ලබාගෙන සහතික කර ඔබ වෙත නිකුත් කරනු ඇත.
  • පැමිණිලි පිටපතක් ලබා ගැනීමට තනි පිටුවක් සඳහා රු 20/-ක මුදලක් ද වැඩිවන සෑම පිටවක් සඳහාම රු 20/- බැගින් ද රජයට අයකරනු ඇත.

වටිනාකම් සහතිකයක් ලබා ගැනීමට

  1. ඔබට රු5000/- ක් හෝ ඊට අඩු වටිනාකම් සහතිකයක් අවශ්‍ය නම් එය ඔබ පදිංචි ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී වෙතින් ලබාගත හැකිය.
  2. රු.5000/-ට වඩා වැඩි වටිනාකම් සහතිකයක් අවශ්‍ය නම් ඔබ පදිංචි වසමේ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත හැකිය..

News & Events

18
ජන2023
2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන...

Scroll To Top