"අපගේ දැක්ම"
“යහපත් සේවයක් තුළින් පිරිපුන් ජන සමාජයක්”"අපගේ මෙහෙවර"
"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම් සගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 14 න් බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට හිමිව ඇත්තේ විශිෂ්ඨ ස්ථානයකි. සිංහල, මුස්ලිම් , ද්‍රවිඩ ජන සංයුතියෙන් යුක්ත වීමත්, බෞද්ධ ,ඉස්ලාම් ,හින්දු හා කතෝලික ආගමික සංයුතියෙන් යුක්ත වීමත්, අතීතයේ සිටම ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය මුල්කරගත් වාණිජ මධ්‍යස්ථානයක් වී තිබීමත් මීට හේතු වී ඇත.
විශාලත්වයෙන් වර්ග කිලෝමීටර් 70.04 ක් හෙවත් වර්ග සැතපුම් 27.35 විශාලත්වයෙන් යුක්ත මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය උතුරු දිගින් කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද නැගෙනහිරින් මතුගම හා දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින්ද, දකුණින් බෙන්තර ගඟින්ද බටහිර දිගින් මුහුදු සීමාවෙන්ද මායිම්ව පිහිටා ඇත.
අතීතයේ බහු මන්ත්‍රි ජන්ද බල ප්‍රදේශයක් වූ මෙම ප්‍රදේශයේ ප්‍රාදේශීය පරිපාලනය නගර සභා හා ප්‍රාදේශීය සභා ද්විත්ව සංකලනයෙන් සැකසී ඇත. නගර සීමාව වර්ග කිලෝමීටර් 5.8 ක් වන අතර එය ග්‍රාම නිළධාරී වසම් 10 කට බෙදා ඇත. ප්‍රාදේශීය සභා සීමාව වර්ග කිලෝමීටර් 65.78 ක් පුරා පැතිරී ඇති අතර එය ග්‍රාම නිළධාරී වසම් 72කට බෙදා පරිපාලනය කරයි. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම් 226 ක් පමණ ඇත.
ලංකාවේ තෙත් කලාපයට අයත් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වාර්ෂික වර්ෂාපතනය මි.මී 60 -100 අතර පවති. වර්ෂය මුළුල්ලේ වර්ෂාපතනය ලැබෙන බැවින් සම ශීතෝෂ්ණ දේශගුණයක් පවති . භූගෝලීය වශයෙන් ගත් කළ විශේෂිත වූ කදුවැටි වලින් තොරවූ භූමියක් පවතින මුත් කි.මී දෙකක් පමණ රට අභ්‍යන්තරයට යනවිට තැනිතලා බිම් අතර තැනින් තැන මුහුදු මට්ටමේ සිට අඩි 50 -100 අතර කුඩා කදුවැටි දක්නට ලැබේ.මේ අතර වේරගල කන්ද ,පිංහේන කන්ද අඩි 100-200ත් අතර උසකින් යුක්තවේ.ගොඩැල්ල ගෙදර කන්ද , දියලගොඩ කන්ද වැනි කදු ගැට කිහිපයක්ම මෙම කලාපයේ පවති. කලාපයේ වන රක්ෂීත නොමැති වුවත් තැනින් තැන ලදු කැළෑ දක්නට ලැබේ.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රධාන ජල ප්‍රවාහන පද්ධතිය සැකසී ඇත්තේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට දකුණු දෙසින් ඊට මායිම්ව පිහිටා ඇති අළුත්ගම ප්‍රදේශයෙන් මුහුදට එක්වන ප්‍රධාන ගංගාව වන බෙන්තර ගඟ හා ඇළ මාර්ග පද්ධතියකිනි. මින් ප්‍රධාන ඇල මාර්ග ලෙස දුම්මල මෝදර ඇළ , කළුවාමෝදර ඇළ ප්‍රධාන ස්ථානයක් ගනී. මෙම ඇළ මාර්ග ආශ්‍රිතව තැනින් තැන කඩොලාන පද්ධතියක් දක්නට ලැබේ. මීට අමතරව කුඩා ඇළ මාර්ග සහ කානු පද්ධතියක් ද කොට්ඨාශයේ ජල ප්‍රවාහන පද්ධතිය සම්පූර්ණ කිරීමට දායක වී ඇත. මෙම කලාපයේ තැනින් තැන වගුරු බිම් පිහිටා ඇති ආකාරයක්ද දක්නට ලැබේ. ඊට හේතු වී ඇත්තේ. බොහෝමයක් ප්‍රදේශ මුහුදු මට්ටමට ආසන්නව පැවැතීමයි. මේවා මුහුදු මට්ටමට වඩා පහළින් පිහිටා ඇති බැවින් වඩදිය අවස්ථාවේ මුහුදු ජලය. මෙම වගුරු බිම් දෙසට ගලා යන ආකාරයක් දක්නට ලැබේ.
බේරුවල ප්‍රාදේශීය කාර්යාලයීය බල ප්‍රදේශයේ සිතියම බාගත කරගැනිමට මෙම ස්ථානය මත කිලික් කරන්න
බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමීණෙන අයුරු.
බේරුවල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය කොළඹ,මාතර ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටා ඇත.කොළඹ දෙසින් පැමිණෙන මහජනතාවට බේරුවල නගරය පසුකොට මිටර් 100ක් ඉදිරියට ගියවිට බේරුවල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට ලඟාවිය හැක.ගාල්ල හ මතුගම දෙසින් පැමිණෙන්නෙකුට අළුත්ගම නගරය පසුකොට කළුතර දෙසට ගියවිට බේරුවල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය දැකිය හැක.
ආයතනයේ විකාශනය
මීට පෙර මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ආදායම් කාර්යාලය ලෙස හඳන්වා ඇත.එම යුගයේදී මෙම කොට්ඨාශය කළුතර තොටමුණ දකුණ ලෙස නම්කර ඇති අතර එම කාලයේදී නානායක්කාර මහතා ප්‍රාදේශීය ආදායම් නිලධාරී ලෙස කටයුතු කර ඇත.මෙම කාර්යාලය අළුත්ගම පිහිටා තිබිණ(1967)
1976 දී මෙම කාර්යාලය ලෙස නම්කර ඇති අතර එය බේරුවල පිහිටුවා තිබේ.එය රජයේ එජන්ත,සහකාර මණ්ඩලික නිලධාරි,ලිපිකරුවන් සහ ක්ෂේත්‍ර නිලධාරින් කිහිප දෙනෙකුගෙන් සමන්විත වු අතර අබේවික්‍රම මහතා එහි ප්‍රථම රජයේ ර්ජන්ත ලෙස කටයුතු කළේය.
1991 දී එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බවට පරිවර්තනය කළ අතර එහි ප්‍රථම ප්‍රාදේශීය ලේකම් ලෙස හපුආරච්චි මහතා කටයුතු කළේය.එම කාලයේදී කාර්යය මණ්ඩලය අංශ වශයෙන් බෙදන ලද අතර පරිපාලන නිලධාරි,සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුර ඇති කරන ලදි.අංශ සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම් දෙදෙනෙකු පත්කරන ලදි
දැන් මෙම කාර්යාලය ප්‍රාදේශීය ලේකම්,සහකාර ප්‍රාදේශීය ලේකම් සමඟ කාර්යය මණ්ඩලය 230 දෙනෙකුගෙන් සමන්විත වන අතර විධිමත් වු ගොඩනැගිලි 2 ක් ස්ථාපනය කර ඇත.
1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා | |
| එස් හපුආරච්ච් මහතා | ![]() |
1991 | 2001 |
| ඒ.ජේ කරුණාරත්න මහතා | ![]() |
2001 | 2002 |
| බර්නාඩ් වසන්ත මහතා | ![]() |
2002 | 2006 |
| යු.ඩී. යූ. ඩී .සී ජයලාල් මහතා | ![]() |
2006 | 2008 |
| විමල් ගුණතුංග මහතා | ![]() |
2008 | 2010 |
| ධම්මික රාජපක්ෂ මහතා | ![]() |
2010 | 2011 |
| ජනක ශ්‍රී චන්දගුප්ත මහතා | 2011 | 2014 | |
| කේ.ජී.ඩී.චතුර මල්රාජ් මහතා | ![]() |
2014 | 2021 |
| එම්.රංජන් පී. පෙරේරා මහතා | ![]() |
2021 | 2024 |
| එල්.යූ.ජානක පෙරේරා මහතා | ![]() |
2024 | මේ දක්වා |




























පිහිටීම