"සැලසුම් අංශයේ දැක්ම"

ආර්ථික,සමාජීය,මුල්‍ය,වානිජ හා තාක්ෂණික නවෝත්පාදන හා අවස්ථාවන් සඳහා රටතුල ප්‍රමුඛ ස්ථානය ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් නිර්මාණය කිරීම.

"සැලසුම් අංශයේ මෙහෙවර "

සමාජ හා ආර්ථික අවස්ථා පුළුල් කිරිම තුලින් කොට්ඨාශයේ ජනතාවගේ ගුණාත්මකභාවය ඉහල නැන්වීම මගින් තිරකර වූ ආර්ථික,සමාජීය,සංස්කෘතික හා භෞතික සංවර්ධනයක් ඇතිකිරීම. 
 
ඉලක්ක
 
  • ආදායම් හා රැකියා සඳහා ආර්ථික.
  • කොට්ඨාශයේ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම.
  • කොට්ඨාශය තුල යහපත් පරිසරයක් නිර්මාණය කිරීම.
  • තිරසාර ගෘහ ඒකක ආදායම ශක්තිමත් කිරීම.
  • ග්‍රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.

අරමුණු

  • කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 82ට අදාල ගෘහ එකකයන්හි තිරසාර සංවර්ධනය.
  • අවශ්‍ය ග්‍රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.
  • විමධ්‍යගත අයවැය වැඩසටහන සහ ගම්පෙරලිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනට අයත් ප්‍රතිපාදන කොට්ඨාශයේ සියළු ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා ව්‍යාප්ත කිරීම.
  • ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන යටතේ භෞතික හා මුල්‍ය ප්‍රගතිය 100%ක් සාක්ෂාත් කර ගැනීම.
  • සෑම වර්ෂයකම දෙවන කාර්තුව අවසන් වීමට පෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සම්පත් පැතිකඩ යාවත්කාලීන කිරීම හා සම්පුර්ණ කිරීම.
  • සෑම වර්ෂයකම දෙවන කාර්තුව අවසන් වීමට පෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨායට අයත් දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම.

ක්‍රීයාකාරකම්

  • කොට්ඨාශයේ සංවර්ධන ප්‍රතිපත්ති සඳහා පහසුකම් සැපයීම.
  • ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන්හි සමස්ත සැලසුම්කරණය සහ වැඩසටහන් සම්පාදනය කිරීම.
  • යටිතල පහසුකම් හා මහජන උපයොගීතා සැලසුම්කරණය.
  • සමාජ,සංස්කෘතික හා ආයෝජන ප්‍රවර්ධනය.
  • පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා පහසුකම් සැපයීම.
  • සංවර්ධන වැඩසටහන්වල සමස්ථ සම්බන්ධිකරණය,අධික්ෂණය හා ප්‍රගති සමාලෝචනය.
  • විමධ්‍යගත අයවැය වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  • මධ්‍ය රජයේ ප්‍රතිපාදන යටතේ අනුමත සියළු සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරිම.
  • ගම්පෙරලිය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  • බස්නාහිර පලාත් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරිම.
  • ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අධික්ෂණය කරනු ලබන ජාතික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් රෝග නිර්ණය හා ගැටළු හදුනාගැනීමේ කාර්යය සඳහා දත්ත යාවත්කාලීන කිරීම.
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල මානව සම්පත් කලමනාකරණ කාර්යයන්.
  • සංවර්ධනය ආශ්‍රීත දත්ත ලේඛනගත කිරීම,ප්‍රකාශනය කිරීම,අධ්‍යයන හා සමීක්ෂණ ප්‍රවර්ධනය කිරීම.
  • මහජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් පැවැත්වීම හා ප්‍රකාශනය කිරීම.
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා සම්පත් පැතිකඩ සකස් කිරීම
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ක්‍රියාත්මක ග්‍රාමශක්ති වැඩසටහන සඳහා පහසුකම් සැපයීම.
  • ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම.
  • ප්‍රදේශීය මෙහෙයුම් මැදිරිය ශක්තිමත් කිරීම හා පවත්වාගෙන යැම.
  • ග්‍රාමීය ආර්ථික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම් පැවැතවීම හා පහසුකම් සැපයීම
  • ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව පැවැත්වීම
  • සංවර්ධනය ආශ්‍රීත අනෙකුත් ක්‍රියාකාරකම්.

News & Events

18
ජන2023
2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන...

Scroll To Top