- අයදුම් පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
- අයදුම්කරු උඩරට ප්‍රදේශයක පදිංචිනම් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් වෙත
- අයදුම්කරු උඩරට ප්‍රදේශයක් නොවන ප්‍රදේශයක පදිංචිවී සිටීනම් වගඋත්තරකරු පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් වෙත හෝ විවාහය සිදු වූ ස්ථානය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් වෙත.
- දික්කසාදය ඉල්ලුම් කිරීම සඳහා අයදුම් පත්‍රය දිස්ත්‍රික් රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න.
- ඉදිරිපත් කළයුතු ලියවිලි,
- නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
- උඩරට විවාහ සහතිකය
- පැමිණිල්ල තහවුරු කිරීමට අවශ්‍ය ලියවිලි ඇත්නම්
- දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් විසින් දෙපාර්ශවය විමර්ශන කටයුතු සඳහා කැඳවනු ලබයි.
- ඉල්ලුම් පත්‍රයේ සඳහන් කරුණු තහවුරු වෙනම් දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් විසින් දික්කසාද නියෝගය නිකුත් කරයි. නැතිනම් දික්කසාද කිරීම ප්‍රතික්ශේප කරයි.
- දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් විසින් දෙනු ලබන තීන්දුව පිළිනොගන්නේ නම්, දින 30 ක් ඇතුලතදී අතෘප්තිමත් පාර්ශවය විසින් දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැක.
- දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් විසින් අදාළ අභියාචනය දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන අතර අධිකරණ නියෝගය අනුව කටයුතු කරයි.
















පිහිටීම