• උපතක් සිදුවී මාස තුනක් ඇතුලතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් ලියාපදිංචි කරවා ගැනීමට පුලුවන.
  • ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය,
    • උනන්දුවක් දක්වන ඕනෑම අයකු
    • මව්පියන්ගෙන් කෙනෙකු
  • ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.
  • උපත සිදුවී අවුරුද්දක් ඇතුලත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍ර සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
    • මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය
    • විෂයගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
      • රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
      • ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත
      • වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
      • පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක්
  • උපත සිදුවී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
    • මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය,
    • උපත ලියාපදිංචිවී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය)
    • පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය ඇතුළත් පහත සඳහන් ලියවිලිවලින් එකක්,
      • රෝහල් වාර්තාව හෝ සහතික පිටපත
      • ග්‍රාම නිලධාරී වාර්තාව හෝ සහතික පිටපත
      • වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
      • වින්නඹු මාතාවගේ උපත් ලේඛණයේ පිටපත
  • ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලිවලින් එකක්,
    • සෞඛ්‍ය වර්ධන සටහන
    • බෞතීස්ම සහතිකය,
    • පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය
    • වතු සුභසාධක නිලධාරිගේ වාර්ථාව
    • උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය
  • මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශයක්

News & Events

18
ජන2023
2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන...

Scroll To Top