- මරණය සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න.
- ග්‍රාම නිලධාරී විසින් මරණය පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.
- මරණය ලියාපදිංචි කරනු ලබන්නේ මරණය සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා විසිනි. මරණ ප්‍රකාශය රෙජිස්ට්‍රාර් වරයාගෙන් ලබාගත හැක.
- දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
- මරණය සිදුවන අවස්ථාවේදි එහි සිටි කිට්ටුම නෑදෑයා
- අවසන් වරට රෝගීව සිටියදී උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා
- එවැනි නෑදෑයකු නොමැතිවූ විට.
- මියගිය අය පදිංචි රෙජිස්ට්‍රාර් කොට්ඨාශය තුල වාසය කරන මියගිය තැනැත්තාගේ නෑදෑයකු
- එවැනි නෑදෑයකු නොමැතිවූ විට
- මරණය සිදුවන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක්
- මරණය සිදුවූ ගෙදර පදිංචිකරු
- ඉහත සඳහන් පුද්ගලයන් නොමැතිවූ විට
- මළ සිරුර වැළලීමට, ආදාහනය කිරීමට හෝ වෙනත් ආකාරයකින් ඒ පිළිබඳ අවසන් කටයුතු කරන පුද්ගලයා
- මරණය සිදු වී මාස 03ක් ඇතුලතදී මරණය නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක. මරණය සිදු වී මාස 03කින් පසුවද මරණය ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ මරණ ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.
- දැනුම් දෙන්නා වෙත නොමිලයේ මරණ සහතිකයක් නිකුත් කරනු ලැබේ.
















පිහිටීම