• විවාහ සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ විවාහය සිදුවූ ප්‍රදේශය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
  • අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
  • අයකරනු ලබන ගාස්තු,
    • විවාහ සහතිකයේ අංකය, ලියාපදිංචි කළ කොට්ඨාශය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00
    • විවාහ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00
  • අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවන්න.
  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න.
  • විවාහ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න

News & Events

18
ජන2023
2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන...

Scroll To Top