• උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක
    • 01 තීරයෙහි විස්තර (උපන් දිනය සහ උපන් ස්ථානය)
    • 03 තීරයෙහි විස්තර (ස්ත්‍රී/පුරුෂ භාවය)
    • 05 තීරයෙහි විස්තර (මවගේ තොරතුරු සියල්ල) (උපත ලියාපදිංචි කිරීමෙන් පසු මවගේ නම වෙනස් කර ඇති විට, නම සංශෝධනය මෙම ප්‍රතිපාදන යටතේ කළ නොහැක.)
    • 09 තීරයෙහි විස්තර (දැනුම් දෙන්නාගේ තොරතුරු) නිවැරදි කිරීම කළ හැකිය.
  • ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
    • උප්පැන්නය හිමි තැනැත්තා
    • පියා හෝ මව
    • නීත්‍යානූකුල භාරකරු
    • උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු
  • ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.
  • ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛණයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය. ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඒ සමඟ ඉදිරිපත් කරන්න
  • ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම ලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් පහත දැක්වේ.
    • මව්පියන්ගේ විවාහ සහතිකය
    • දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය
    • පියාගේ/ මවගේ උප්පැන්න සහතිකය
    • මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්නයක්
    • විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්නය
    • ආරෝග්‍යශාලා, මාතෘ නිවාසවල ඇති සටහන්වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත්
    • ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛණයේ උපුටනය
    • විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක්
    • පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකය

News & Events

18
ජන2023
2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන...

Scroll To Top