• උපත ලියාපදිංචි කළ නොහැකි වයස අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා අනුමාන වයස් සහතික නිකුත් කරනු ලැබේ.
  • අනුමාන වයස් සහතික නිකුත් කරනු ලබන්නේ,
    • රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන්
    • රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන වෙනත් පුද්ගලයන් භාරයේ වෙසෙන ළමුන්
  • රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
    • ළමා නිවාස පාලක/පාලිකාවගේ දිවුරුම් ප්‍රකාශය
    • රජයේ වෛද්‍ය නිළධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
    • ළමයා සම්බන්ධ විස්තර ඇතුළත් වෙනත් ලියවිලි (තිබේනම් පමණි.)
  • රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
    • භාරකරුගේ/භාරකාරියගේ දිවුරුම් ප්‍රකාශය
    • ළමයා භාරකරුවන් භාරයේ සිටින බව තහවුරු කරන,
      • ග්‍රාම නිළධාරිගේ සහතිකයක් හෝ
      • පරිවාස හා ළමාරක්ෂක නිළධාරිගේ සහතිකයක් හෝ
      • සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහතිකයක් හෝ
      • පොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක්
    • රජයේ වෛද්‍ය නිලධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
    • සෞඛ්‍ය වර්ධන සටහන් පත්‍රය
    • ළමයා පාසැල් යන්නේ නම්, පාසලට ඇතුලත් කර ගැනීමේ ලේඛණයේ පිටපතක්
  • තවදුරටත් විස්තර අවශ්‍ය වේ නම් ළඟම පිහිටි ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හමුවන්න.

News & Events

18
ජන2023
2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන...

Scroll To Top