• උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. උපත සිදු වූයේ ග්‍රාමීය රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්‍රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
  • උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • පියා.
    • මව
    • දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්, දරුවා භාරව සිටින පුද්ගලයන්
    • රෝහලේ වෛද්‍ය නිලධාරී
  • උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබාගන්න.
  • ඉදිරිපත් කළයුතු ලියවිලි
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
    • උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
  • මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
  • දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ.
  • වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවන්න.

News & Events

18
ජන2023
2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දින

2026 වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන...

Scroll To Top